ආඩම්බරයි ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියාවේ සිට ලියමි.

ආඩම්බරයි ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියාවේ සිට ලියමි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙසත් ඕස්ට්‍රේලියාවේ පදිංචි කරුවන් ලෙසත් ජීවත් වන අපි, අද දවස වන විට කොරොනා වයිරසය නිසා අසරණ වී සිටින සියලු මිනිස්සුන් අතර සිටිමින්, රටවල් දෙකේම විශේෂ  ප්‍රවෘත්ති බලමින් ඒවා සංසදනය කරමින් සිටින්නෙමු .

ලෝකයේ ඇති බොහෝ දියුණු රටවල් අතර සිටින ඕස්ට්‍රේලියාවේ හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී  ලංකාව අතර, කොරොනා වයිරසය මැඩපැවැත්වීම වෙනුවෙන් යොදා ඇති වැඩපිලි වෙලවල් වල විශාල වෙනසක් පසුගිය කාලය පුරාවට දැක්කෙමි.

ලැබී තිබෙන විවේක නිවාඩු කාලයේ.... දිනය පුරාම රූපවාහිනීය අසල සිටිමින් රටවල් දෙකේම ප්‍රවෘත්ති නරබමින් කාලය ගත කරන අපට, මේ භයංකාර මොහොතේ රටවල් දෙක අතර ඒ වෙනුවෙන් ඇති අසාමාන්ය සේවා රූපවාහිනීය ඔස්සේ නැරඹීමේදී....... ශ්‍රී  ලංකා රජය, සෞඛ්ය අංශය, ආරක්ශක අංශය හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්ය සේවා හා දායකත්ව අගය කිරීමට මා හට වචන නැත.

ශ්‍රී ලංකාව පුරාවට වරින් වර බල පවත්වන ඇදිරි නීතිය අතරතුර ලැබෙන විවේකයේදී , දුප්පත් පෝසත් භේදයකින් තොරව අසරණ මිනිසුන් කෑමබීම එක්රැස් කරගැනීම සදහා පෝලිම් ගැසී පැය ගනන් රස්තියාදු වන අන්දම... .....එදිනෙදා බඩුමුට්ටු ගැනීම සදහා අතේ මිටේ මුදල් නැති නිසා, උකස් බඩු කඩ අතර ඇති වී තිබෙන පෝලිම්.... දකින විට නම් ඇතිවෙන්නේ කියාගත නොහැකි දුකකි.  දුප්පත් පෝසත් භේදයකින් තොරව සියල්ලෝ එකම ව්යසනයකට මුහුන දී සිටින අතරතුර ශ්‍රී ලාංකිකයන්....  තමන්ට පුලුපුලුවන් ආකාරයෙන් එකිනෙකාට උදව් උපකාර කරමින් පුලුවන් උපරිමයෙන් කොරොනා වයිරසයෙන් බේරි හිදීමට උත්සුක වන අන්දම රූපවාහිනීය ඔස්සේ දකින්නෙමි .

ශ්‍රී ලාංකිකයෙක් ලෙස මට, මේ ව්‍යසනය  හමුවේ සිතෙන්නේ..... මෙවන් රජයක්, සෞඛ්ය සේවාවක් , ත්‍රිවිධ හමුදාවක්, සුලු සේවකයන් හා   අත්‍යවශ්ය  සේවාවන් ඇති රටක වෙසෙන්නන් මොන තරම් නම් වාසනාවන්තද කියායි. ශ්‍රී  ලංකා රජයේ..., ත්‍රිවිධ හමුදාව, රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ, පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කරමින්, දඩුවම් කරමින්, උදව් කරමින්, දැනුවත් කරමින් කරනා සේවය වචනයෙන් විස්තර කල නොහැකි බව මීට හොඳම උදාහරණයකි.

මේ දුෂ්කර අවස්ථාවේ දී ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකාවේ වෛද්‍යය  ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින සියලු දෙනාට, සුලු සේවකයින් හා අත්‍යවශ්ය සේවාවල යෙදෙන සියලු දෙනාට හිස නමා ආචාර කරමි.

වර්තමානයේ ලෝකය පුරා පැතිර යන කොරොනා වසංගතයේ භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී  ලාංකිකයින්ට හැකියාව ලැබේවා ......දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා, මේ ඇති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී  ලංකා රජයට  කොරොනා වයිරසය මැඩපැවැත්වීමට, ශක්තිය ධර්යය   ලැබේවා කියා මම ප්‍රාර්තනා  කරමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට ශ්‍රී ලාංකිකයන් වන ඔබ සැමට හැකියාව ලැබේවි කියා සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි !!!

ප්‍රිසිලා ගොඩහේවා