කොරොනා වයිරසය තුලින් සොබාදහමේ දුක හදුනා ගනිමු

කොරොනා වයිරසය තුලින් සොබාදහමේ දුක හදුනා ගනිමු

කොවිඩ් 19 වසන්ගතය, මුලු ලෝකයේම වෙසෙනා දුප්පත් පෝසත් ලොකු පොඩි නැතිබැරිකම් ඇතිහැකිකම් සියල්ලෝ එකම තැනක නවත්වා, එකම මොහොතක, එකම දෙයක් ගැන භීතියෙන් කතා කරන්න අවස්ථාව සලසා ඇත. මෙවැනි බිහිසුණු අකාරුනික අවස්ථාවක් කිසිදා උදාවෙනු ඇතැයි ලෝකවාසී කිසිවෙක් කිසිදා නොසිතිවෙමු.

වර්ශ මිලියන ගනනාවකට පෙර පෘථිවිය බිහිවුන දා සිට සොබාදහම විසින් නිර්මාණය කරන ලද ලද මුහුදු ගංගා, දියඇලි , වැසි වනාන්තර , ගස් ගල් , ශාක හා සියලු සත්වයින් මිහිතලය විසින් ආදරයෙන් මිනිසාට තිලිනකරන ලද ස්වාභාවික දායාදවිය.

මුලු මිනිස් සංහතිය විසින්ම දශක ගනනාවක සිට ක්රමයෙන් මිහිමව ආදරයෙන් තිලිණ කරන ලද සොබාදහම, නවීන තාක්ෂණ ක්රම හරහා, රසායනික ද්රව් පාවිච්චි කිරීම, පලිභෝද නාශක පාවිච්චිය ,පරිසර දූශක වායු වර්ග ආදි දේ පාවිච්චි කිරීම මගින් දීර්ඝ කාලයක් පුරාවටම පරිසරය සීග්රයෙන් දූෂණය කරමින් පවතී. එමගින් පාරිසරික දේශගුණ වෙනස්කම්, ජල දූශනය, වන විනාශය, ඕසෝන් තරලය තුනීවීම නිසා සම්පත් ක්ශය වීම, උශ්නත්වය ඉහළ යෑම ආදී ස්වාභාවික විපත් සොබාදහම තුල දීර්ඝ කාලයක් තිස්සේ වෙමින් පවති.

ලෝකවාසී සියල්ලෝ සීග්‍රයෙන් පරිසරය විනාශ කරමින් යන ගමනේදි, කාලයෙන් කාලයට ඇය....(මිහිකත) වෙනුවෙන් උරන වී කුපිත වි භයානක ස්වාභාවික විපත් ඇතිකරමින් ඒතුලින් මිනිසා නොහොත් ඇගේ දරුවන් නිසි මගට ගන්නට උත්සාහ ගත් අවස්ථා අපමණය. මිනිසුන්ගේ අකාරුණිකම් ඉවසා සිටිය නොහැකිව ඇගේ ඉවසීමේ සීමාව ඉක්ව ගියකල, ඇතිකරන ලද ස්වාභාවික දරුනු විපත් ලෙස ගමෙන් ගමට, රටෙන් රටට මහද්වීපයෙන් මහද්වීපයට ඇති කරන ලද සුලි සුලං, ගිනිකඳු , සුනාමි, ලැව්ගිනි , භූමිකම්පා, ගංවතුර ආදිය පෙන්වා දිය හැක. සෑම අවස්තාවකම විපතට නොහොත් ව්යසනයට මුහුන දුන්, මිනිසුන් හෝ ගම්, රටවල්, හා මහද්වීපයන්ට පමනක් ..... භයානක කම පාඩුව දැනුනි. ඔවුන් පමනක් ව්යසනය ගැන කතා උනී. ඔවුන්ගේ විපතේ භයානක කම ලෝකයේ අනිත් රටවල වෙසෙන්නන්ට නොදැනුනේ එය තමන්ට නොවුන දෙයක් නිසයි.
. ගමින් ගමට, රටින් රටට, මහද්වීපයෙන් මහද්වීපයට ජීවත් වන මේ අමන මිනිසුන් සියල්ලෝ, කිසිම දේකින් මට්ටු නොවන බව දැන ගත් සොබාදහම විසින් කවර කවදාවකත් නොවුණු ලෙස ... මුලු ලෝකයේම වෙසෙනා මිනිස් සංහතියටම දැනෙනන ලෙස කොරොනා වයිරසය අකාරුණික ලෙස ලෝකය වටාම පා කර යවා ඇත. දැන් ඇය...නොහොත් සොබාදහම ඈත සිට මුලු මිනිස් සංහතියම දෙසම බලා සැනසුම් සුසුම් හෙලමින් නිවාඩු පාඩුවේ හිදින්නේය.

සොබාදහම විසින් මුලු මහත් මිනිස් සංහතියටම එකම තැන සිට එකම දෙයක් ගැන සිතමින් බයෙන් අඩමින්, ගැහෙමින් මිනිස් හමුවීම් වලින් ඈත්වී මරබිය සිහිකරමින්, හුදෙකලා වී තනිව ජීවත්වීමට කටයුතු සූදානමි කර ඇත. සොබාදහම මුලු මහත් ලෝකයටම එකම ලෙස පරිස්සම් වෙමින් එක තැනක නැවතී දැස් හැර තේරුගැනීමට ....කොරෝනා නම් වසංගතයක් රැගෙන විත් සියල්ලෝ අසරණ කර ඇත. සොබාදහම විනාශ කරමින් හැල්මේ දුවනා අමන මිනිසුන් ,එක තැනකට ගාල්කර ඇය විසින් දඩුවම් ලබාදී ඇත්තේ එසේය..සොබාදහම වනසමින් ඕපපාතික සතුන්ගේ සිට භයානක නයි පොලොංගු, ආදි සතුන් පවා ආහාරයට ගනිමින්, ගහට කොළට සතා සීපාවාට අයිති දේශ සීමා අයිතිකරගනිමින්, කුඩුවල සිරකරන ලද සතුන්ගේ දුක හා වේදනාව තේරුම් නොගෙන , නවීන තාක්ෂණ ක්රම භාවිතා කරමින්, රසායනික ද්රව් පාවිච්චි කරමින්, පලිභෝද නාශක පාවිච්චි කරමින්,පරිසර දූශක වායු වර්ග භාවිතා කරමින් දීර්ඝ කාලයක් පුරාවටම පරිසරය සීග්රයෙන් දූෂණය කරමින් යන මිනිසුන්ට දැන්වත් සොබාදහම විනාශ කිරීමේ ආදීනව තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා  කරමි.

ලෝකවාසී සියල්ලෝ අද මේ සිදුවී තිබෙන ව්යසනය පරාජය කිරීමට එකතු විය යුතු යැයි සිතමි. මේ තීරණාත්මක අවස්ථාවේ මිනිස් සංහතිය බොහෝ හානි සහිතව වුවද , ඉදිරියේ ලෝකය, මිනිසා ජයගන්නට සිතට ගත යුතුයි . ආහාර නැතිවිට මුදල් කෑමට ගත නොහැකි බවද තේරුම් ගත යුතුය. සොබාදහම සමග සමගියෙන් උසස් මානවීය ගුණදම් පුරුදු පුහුණු කරමින් තව දුරටත් සොබාදහම සමග සහයෝගයෙන් ඉදිරියේදීවත් ජීවත් වීමට ලෝකවාසී සියල්ලෝ සිතට ගත යුතුයි. ඔබ සැමට භයෙන් සැකෙන් තොරව නිරෝගීව ජීවත් වීමට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා  කරමි.